විදුලිබිල ගැන මහජන අදහස් විමසයි

විදුලිබිල සංශෝධනය සඳහා මහජන අදහස් විමසීමක් සිදුකිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

විදුලිබිල වැඩිකිරිම සඳහා වන සංශෝධනය සඳහා රජයේ ප්‍රතිපත්තිය විමසීමට විදුලිබල මණ්ඩලය පසුගියදා කටයුතු කල බව එහි සභාපති ජනක රත්නායක කියා සිටියා. ඉන්ධන මිල ඉහල ගොස් ඇති පසුබිමක විදුලි ඒකකයක් සඳහා දැරීමට වන පිරිවැය ඉහළ ගොස් තිබෙනවා.

විදුලිබල මණ්ඩල මණ්ඩලයට විදුලි ඒකකයක් සඳහා රුපියල් 53ක් වැය වන බවත්. කෙසේ වුවත් පාරිභෝගිකයාගෙන් අය කරනු ලබන්නේ රුපියල් 16ක් බවත් වාර්තා පෙන්වා දෙයි. දීර්ඝ කාලයක් විදුලි බිල්පත මිල ඉහල දමා නොමාති බවයි ජනක රත්නායක කියා සිටියේ. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේ දී විදුලිබිල සම්බන්දව අදහස් හුවමාරු වු අතර විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර විදුලිබිල සංශෝධනය කෙරෙන කාලයක් එහිදි ප්‍රකාශ නොකල බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?