විජේදාස පුත් රඛිත රාජපක්ෂ අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ, පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට ටික වේලාවකට පෙර ඔහුව වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ රිය අනතුරක් කර සිව්  දෙනෙකුට තුවාල සිදු කිරීමේ චෝදනා යටතේයි.

ඊයේ රාත්‍රීයේ 10.45ට පමණ රඛිත රාජපක්ෂ පැමිණි ජීප් රථය විරුද්ධ දිශාවෙන් පැමිණි කාර් රථයක් සමග ගැටි තිබෙනවා.

මේ අනතුරෙන් කාර් රථයේ සිටි සිව් දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර ඔවුන් අතර සිටි ගැබිණි කාන්තාවක් වෛද්‍ය අධීක්ෂණය යටතේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ, අනතුර සිදු වන අවස්ථාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂගේ පුත්, රඛිත රාජපක්ෂ බීමතින් සිටියා දැයි සොයා බැලීම සඳහා ලේ සාම්පලයක් ලබාගත් බවයි.

අනතුර සිදුවීමෙන් පසු රඛිත රාජපක්ෂ කොළඹ, ගාලු පාරේ පිහිටි පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර සඳහා ඇතුළත්වී ඇත්තේ, හිසේ සිදු වූ සුළු තුවාලයක් ද සමඟයි.

වැලිකඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09