විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව ගැන දැනුවත් කිරීමේ අභ්‍යාසයක් (ඡායාරූප)

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව (Chemical, Biological, Radiological and Nuclear – CBRN) මහජන ආරක්‍ෂාව සහ සුරක්‍ෂිතතාවයට විශාල බලපෑමක් ඇති කරනු ලබන අතර, මෙවැනි රසායනික සංයෝගයන්ගෙන් සිදුවන උපද්‍රව මැඩපවත්වාගැනීම සඳහා අදාළ පාර්ශවයන් නිරන්තර අවධානයෙන් සහ සූදානමින් සිටීම අත්‍යවශ්‍ය බවයි නාවික හමුදාව කියාසිටියේ.

ඒ අනුව, නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් මත නැගෙනහිර නාවික විධාන රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන මඟින් රසායනික උපද්‍රව පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික දැනුම පුහුණුව සඳහා සහභාගී වූ පාර්ශ්වකරුවන් වෙත ලබාදීම සිදු කර තිබෙනවා.

මෙහි න්‍යායික පුහුණු සැසිය තුළදී රසායනික උපද්‍රවයන් අනාවරණය, හඳුනා ගැනීම, ආරක්‍ෂක ක්‍රමවේද සහ ගලවා ගැනීමේ ක්‍රමවේද පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරුණා.

එහි ප්‍රායෝගික සැසිය මඟින් හදිසි රසායනික උපද්‍රවයකදී අදාළ ආරක්‍ෂිත උපාංග සහ උපකරණ නිසි ලෙස හැසිරවීම, පුද්ගලයින් ආරක්‍ෂිතව ඉවත් කිරීම, අන්තරායදායක රසායනික සංයෝගයන් ආරක්‍ෂිතව බැහැර කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳ අභ්‍යාස සාර්ථකව සිදු වූ බව සඳහන්.

මෙම පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ‍පොලිසිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරිය, ලංකා ධීවර වරාය සංස්ථාව, ප්‍රීමා සමාගම, ටෝකියෝ සිමෙන්ති සමාගම, ඕෂන් පික් සමාගම, ත්‍රිකුණාමලය ගිනි නිවිමේ ඒකකය සහ ඉන්දියානු ඔයිල් සමාගම යන පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියා.

රසායනික ආපදාවක් කළමණාකරණය කිරීමේදී සියළුම පාර්ශවයන් හා සංවිධාන අතර සම්බන්ධීකරණය සහ සහයෝගීත්වය මෙහිදී නාවික හමුදාව විසින් අවධාරණය කරනු ලැබුවා.

මෙවැනි අභ්‍යාස මඟින් පාර්ශවකරුවන් අතර වැඩිදියුණු වන හවුල්කාරීත්වය සහ සහයෝගීත්වය තුළින් රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යාෂ්ටික ආපදාවන් සාර්ථකව කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?