වැසී ඇති ගොවිපොළවල් ගණන 14000 ඉක්මවන බව අනාවරණය වෙයි

මේ වන විට මෙරට ගොවිපොළවල් 14000කට වැඩි සංඛ්‍යාවක් වැසී ඇති බව පළාත් වශයෙන් ලැබුණු දත්ත අනුව හඳුනාගෙන ඇති බවත් කෝපා කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

එසේම මෙම ගොවිපොළවල් අතරින් බහුතරයක් කුඩා ප්‍රමාණයේ ගොවිපොළවල් බවත් සත්ත්ව සොරකම හේතුවෙන් වැඩි වශයෙන් මෙම ගොවිපොළවල් වැසී යාම සිදුවී ඇති බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ.

මෙහිදී කෝපා කමිටුව සඳහන් කළේ සත්ත්වයින් සොරකම් කිරීම නිසා කුඩා පරිමාණ ගොවියන් කලකිරීම හේතුවෙන් පමණක් ගොවිපොළවල් වැසී යන්නේ යැයි පැවසීම පිළිගත නොහැකි බවයි.

ගවයින් සඳහා අවශ්‍ය තෘණ භූමි විනාශවීම සහ ඉඩම් ආශ්‍රීත ගැටලුද මේ සඳහා හේතුවී ඇති බව මෙහිදී නිලධාරීන් ප්‍රකාශ කළා. මේ අනුව පැහැදිලි දත්ත නිවැරදිව පවත්වාගෙන යාම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ යුතු බවත් කෝපා කමිටුව සඳහන් කර තිබෙනවා.

එසේම පවතින දත්ත යාවත්කාලීන කරගනිමින් දත්ත පද්ධතිය සක්‍රීයව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී කමිටුව අවධාරණය කළා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 2023 වසරේ ජූලි 06 දින රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට කැඳවා ලබා දුන් නිර්දේශවල ප්‍රගතිය සාකච්ඡා කිරීමට එම කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී යි.

මේ සඳහා කමිටුවේ ආරාධනයෙන් කෘෂිකර්ම විශය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද සම්බන්ධ වී තිබුණා. මෙරට දේශීය කිරි අවශ්‍යතාව සම්බන්ධයෙන් මෙහිදී කමිටුවේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මිල්කෝ සමාගමට දෛනිකව ලැබෙන කිරි ප්‍රමාණය විශාල වශයෙන් අඩුවී ඇති බවයි.

එසේම පසුගිය කමිටු වාරයේදී ද සාකච්ඡා වූ කිරි නිෂ්පාදනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර පැමිණ සිටි නිලධාරීන් පෙන්වා දුන්නේ එම ජාතික ප්‍රතිපත්තිය මේ වන විට සකස් කර අවසන් අතර එය අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කර ඇති බවයි.

එසේම ඉඔුලදණ්ඩ සහ තෙලහැර එළු අභිජනන මධ්‍යස්ථානවල සිටින ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කළ එළුවන් 104ක් මේ වන විට මිය යාම පිළිබඳව ද මෙහිදී කමිටුව අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කමිටු අවස්ථාවේදී ද මේ පිළිබඳ සාකච්ඡා වීම හේතුවෙන් වර්තමානයේ මෙම එළුවන් ක්ෂේත්‍රයට මුදාහැරීම පිළිබඳ ප්‍රගතිය විමසනු ලැබුවා. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මාසයක් පමණ ඇතුළත මෙම ඉතිරි සත්ත්වයින් ක්ෂේත්‍රයට මුදාහැරීමට සූදානම් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් වාර්තාවක් කමිටුවට ලබා දෙන ලෙසද මෙහිදී කමිටු සභාපතිවරයා නිර්දේශ කර තිබෙනවා.

කෘතීම සිංචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?