වැසි තත්වය වැඩි වුණොත් මොරගහකන්ද වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවට නිවේදනයක්

මොරගහකන්ද ජලාශයේ අද (05) පෙරවරුවේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 184.60 ක් වන අතර සමස්ථ ජල ප්‍රතිශතය 97.87% ක් වන බව එම ජලාශයේ කාර්යභාර ඉංජිනේරු කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (05) පෙරවරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනය අනුව වැසි තත්වය වර්ධනය වීමක් සිදු වුවහොත් මොරගහකන්ද ජලාශයද උපරිම ජල මට්ටම කරා පැමිණෙන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

උපරිම ජල මට්ටමේදී ජලාශය වෙත ජලය ලැබෙන සීඝ්‍රතාවය අනුව වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ඒ අනුව ජලාශය වාන් දැමීමේදී මහවැලි ගගේ අතු ගංගාවක් වන අඹන් ගඟට වාන් ජලය මුදා හැරෙන අතර එමගින් අඹන් ගගේ සහ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යාමක් සිදු වන බවද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?