වැසිකිළි නොමැති විශාල පිරිසක් තවමත් ශ්‍රී ලංකාවේ

‘ලෝක වැසිකිළි දිනය’ අදට යෙදී තිබෙනවා. සෑම වසරකම නොවැම්බර් 19 වනදා ‘ලෝක වැසිකිළි දිනය’ ලෙස නම් කර ඇත්තේ ඒ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළියක් භාවිතා කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ලෝක මහජනතාව වෙත අවධානය යොමු කිරීමේ අරමුණින්.

සිංගප්පූරුවේ දානපතියෙකු වන ජැක් සිම් විසින් 2001 වසරේ නොවැම්බර් 19 වනදා ලෝක වැසිකිළි සංවිධානය ආරම්භ කළ අතර පසුව එම දිනය ලෝක වැසිකිළි දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2013 වසරේ දී ලෝක සනීපාරක්ෂක අර්බුදය අවසන් කිරීම‌‌ට සාමූහික ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටියේ සිංගප්පූරු රජයයි. එහි ප්‍රතිඵලයක් ලෙස වැසිකිළි දිනය නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ දිනයක් බවට පත් කෙරුණා.

මෙම දිනයේදී ලොව වටා සනීපාරක්ෂක අර්බුදවලට ලක්ව සිටින ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මුල් තැන දී කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල 6 වන ඉලක්කය වන නිසියාකාර සනීපාරක්ෂක ක්‍රමවේදයන් ලොව ජීවත් වන සෑම මිනිසකු වෙතම ලබා දීම අරමුණු කරගත් දිනයක් වෙනුවෙන් මෙය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තවමත් තමන්ටම කියා වැසිකිළියක් නොමැති පවුල් විශාල සංඛ්‍යාවක් ජීවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මෙර‌‌ට දැනට පවතින නිවාස සංඛ්‍යාවෙන් සාමාන්‍යයෙන් විස්සෙන් එකකට පමණ සෞඛ්‍යාරක්ෂිත වැසිකිළියක් නොමැති බවට සංඛ්‍යා ලේඛන අනුව හඳුනාගත හැකි බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ විධායක සභික ‍ඩබ්ලිව්. ඩී. රෝෂන් කුමාර මහතා කියාසිටියේ.

සෞඛ්‍යාරක්ෂිත වැසිකිළියක අවශ්‍යතාවය පවතින ලාංකික ජනගහණයක් මෙරට තුල ජීවත් වන අතර මේ පිළිබඳ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව දැඩිව පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

ඊට අමතරව වඩාත්ම කණගාටුදායක තත්ත්වය වන්නේ ලංකාව පුරා පවතින පාසැල් අතුරින්ද භාවිතා කරන වැසිකිළිවල තත්ත්වය නිවැරදි කිරීමට අවධානය යොමු කළ යුතු වීමයි.

එසේම මීට පෙර අඩු ආදායම් ලාභීන්ට වැසිකිළියක් ඉදිකිරීම සඳහා ලබා දුන් ආධාර ක්‍රමය නැවත ආරම්භ කිරීම සඳහා ද ඔවුන් යෝජනා කරනවා. ඊට අමතරව සෑම පාසලකම තිබිය යුතු වැසිකිළි හා කැසිකිළි ප්‍රමාණය ගණනය කර අදාළ අවශ්‍යතාවයන් පරිදි ගැහැණු හා පිරිමි දරුවන් වෙනුවෙන් වනසේ ඒවා සකස් කිරීම දැඩි අවශ්‍යතාවයක්ව පවතින බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29