AFC Banner
AFC Banner
Empty Ad

වැස්ස නිසා නැවතුණු පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි

සංචාරක ශ්‍රී ලංකාව කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (28) යි.

තරගය දේශීය වේලාවෙන් පස්වරු 01ට ඩර්බන් නුවර දී ආරම්භ වනවා.

ඊයේ (27) කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව දකුණු අප්‍රිකාවට ලබා දුන් අතර; තරගය දිවා ආහාරයට නතර කිරීමටත් පෙර වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තාවකාලිකව නතර කෙරුණා.

නමුත් වර්ෂාව නවතියි යැයි බලාපොරොත්තුවෙන් සිටිය ද, ඊයේ රාත්‍රිය වන තෙක් ඩර්බන් නුවරට ඇදහැලුණු වර්ෂාව නම් නතර වූයේ නැහැ.

මේ හේතුවෙන් ඊයේ දිනයට දිනයේ සෙසු භාගය අතහැර දැමීමටයි තීරණය කෙරුණේ.

ඒ වනවිට දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 80ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය හමුවේ දකුණු අප්‍රිකාවේ මුල් කඩුලු 04ම දැවී ගිය අතර එහි දී ළහිරු කුමාර කඩුලු 02ක් සහ විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු එක්ව එක් කඩුල්ල බැගින් බිඳ දැමුවා.

මේ වනවිට පස්වැනි කඩුල්ලට පිටියට පැමිණීමට නියමිතව ඇත්තේ නායක ටෙම්බා බවුමා සමගින් කයිල් වර්න්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?