AFC Banner
AFC Banner
Empty Ad

වැස්ස නිසා එකට ගැටුණු යතුරුපැදි – දෙදෙනකු අසාධ්‍යයව රෝහලට

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම අනතුර සිදු ව ඇත්තේ තණමල්විල සර්වෝද මාවත අසල සිට කිවුල්ආර ප්‍රාථමික විද්‍යාලය මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් බවයි.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ පැදිකරුවන් දෙදෙනා ම බරපතළ තුවාල ලැබුවා.

තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බැවින් හම්බන්තොට රෝහලේ සිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට එම පුද්ගලයා මාරු කර යවා තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ තණමල්විල තරුණයකු හා තෙළුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිසිය විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?