වැලි ජාවාරම්කරුවෙකුගෙන් පොලිසියට තර්ජන (වීඩියෝ)

මන්නාරම, මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආත්තිමොටෙයි ගම්මානයේ බලපත්‍ර නොමැතිව වැලි කැණීමේ ජාවාරමක් සිදු කරන පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට සහ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

මෙම සිදුවීමේ වීඩියෝවක් එහි සිටි ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නානට්ටන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන පුද්ගලයෙකු විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිස් නිලධාරීන්ට මෙලෙස තර්ජනය කර ඇතැයි සඳහන්.

ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශයේ සිදුවන අනවසර වැලි කැණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ප්‍රාදේශීය ලේකම්වරයා, වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කළ බවයි.

මන්නාරම, ඉලුප්පකඩවෙයි පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීමේ ජාවාරම අඛණ්ඩව සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඊට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දේශපාලන බලය ලබාගෙන බලපත් නොමැතිව අනවසරයෙන් වැලි ජාවාරම සිදුකරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

තම ගම්මානයේ සිදුවන වැලි ජාවාරම නවතා දෙන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනවා.

https://www.youtube.com/watch?v=6lYksEHb8wI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?