මධ්‍යම කඳුකරයට යළි ජීවය දෙන්න රජය දැඩි තීරණයක – ජනපති අවධාරණය කරයි (වීඩියෝ)

මධ්‍යම කඳුකරය යථාවත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දැඩි තීරණයක රජය පසුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව මධ්‍යම කඳුකරයට හානිවන ආකාරයේ කිසිඳු ක්‍රියාවක් ඉදිරියේ දී සිදුකිරීමට ඉඩනොදෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

‘Rebuilding Sri Lanka’ සමාරම්භක උත්සවයට අද (13) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එදා ආශ්වාස ප්‍රාශ්වාස කළ මධ්‍යම කඳුකරය අද වනවිට වියලුණු, ඉරිතැලුණු හා අඩපණ වූ මධ්‍යම කඳුකරයක් දක්නට ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, එම මධ්‍යම කඳුකරයට යළි ජීවිය ගෙන එමින් යථාවත් කළ යුතු බවයි අවධාරණය කර සිටියේ.

තිරසාර සංවර්ධයක් රටට අවශ්‍ය බව සඳහන් කළ ජනාධිපතිවරයා, අනාගත පරම්පරාව වෙනුවෙන් මධ්‍යම කඳුකරය රැකගත යුතු බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ ව්‍යසනය කිසිඳු අවස්ථාවක රජයේ වැඩපිළිවෙල ආපසු හැරවීමට හෝ අකර්මණ්‍ය කිරීමට භාවිත නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46