වැලි ජාවාරම්කරුවෙකුගෙන් පොලිසියට තර්ජන (වීඩියෝ)

මන්නාරම, මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ආත්තිමොටෙයි ගම්මානයේ බලපත්‍ර නොමැතිව වැලි කැණීමේ ජාවාරමක් සිදු කරන පුද්ගලයෙකු ප්‍රාදේශීය ලේකම්වරයාට සහ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් වාර්තා වනවා.

මෙම සිදුවීමේ වීඩියෝවක් එහි සිටි ප්‍රදේශවාසීන් විසින් ලබාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

නානට්ටන් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වන පුද්ගලයෙකු විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට හා පොලිස් නිලධාරීන්ට මෙලෙස තර්ජනය කර ඇතැයි සඳහන්.

ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශයේ සිදුවන අනවසර වැලි කැණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත ප්‍රාදේශීය ලේකම්වරයා, වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානය පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එලෙස රජයේ නිලධාරීන්ට තර්ජනය කළ බවයි.

මන්නාරම, ඉලුප්පකඩවෙයි පොලිස් බල ප්‍රදේශයේ නීති විරෝධී වැලි කැණීමේ ජාවාරම අඛණ්ඩව සිදුවන අතර, ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කළ ද පොලිසිය ඊට විරුද්ධව ක්‍රියාමාර්ගයක් නොගන්නා බව ද ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දේශපාලන බලය ලබාගෙන බලපත් නොමැතිව අනවසරයෙන් වැලි ජාවාරම සිදුකරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

තම ගම්මානයේ සිදුවන වැලි ජාවාරම නවතා දෙන ලෙසට ප්‍රදේශවාසීන් ඉල්ලීම් කරනවා.

https://www.youtube.com/watch?v=6lYksEHb8wI


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29