වැලිසර අනතුරින් තුවාල ලැබූ සිසුවාත් මිය යයි

පසුගිය 04 වනදා වැලිසර, මහබාගේ සුසාන භූමිය අසල දී සිදුවූ රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ රත්නපුර ප්‍රදේශයේ පදිංචි මෙවර උසස්පෙළ හදාරමින් සිටි සිසුවෙක්.

16 හැවිරිදි සිසුවෙකු විසින් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් වැලිසර ප්‍රදේශයේදී තවත් රථවාහන කිහිපයක ගැටීමෙන් අදාළ අනතුර සිදු වුණා.

එහිදී යතුරුපැදියක ගමන්කරමින් සිටි මෙම පාසල් සිසුවා අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කෙරුණා.

අනතුරින් එම සිසුවා ගමන්කළ යතුරුපැදිය පදවාගෙන ගිය ඔහුගේ ඥාතියෙකු වූ 52 හැවිරිදි පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගියා.

මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා වත්තල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් මස 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පැවසුවේ වාහනය පුතා විසින් රැගෙන ආ බව තමන් නොදැන සිටි බවයි.

සබැඳි පුවත් : වැලිසර බිහිසුණු අනතුරේ අතුරු කතාව

වැලිසරදී මාරක අනතුරක් – වීඩියෝ

මගේ මල්ලිගේ අත් කකුල් ඔක්කොම ඉවරයි : මහාභාගේ අනතුරේ හද කම්පා කරන තවත් පුවතක්

ජීවිතයක වටිනාකම කුණු කූඩයට දමා මහබාගේ මාරක අනතුර කළ 16 කොල්ලා කොටුවී සිටි හැටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29
Video thumbnail
මාල කඩපු කෙල්ලෙක්ට මිනිස්සු එකතුවෙලා දුන්න දඬුවම - ඔය සිංහල කතා කරන්නේ බබා..අනුන්ට ගිනි ගින්දර දෙනවා
02:56
Video thumbnail
රවී ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..අපි කලින්ම කිව්වනේ මේක වෙනවා කියලා..සාස්තරකාරයෝ වෙන්න ඕනි නෑ
06:37
Video thumbnail
නායකත්වය ලැබීම ගැන කුසල් මෙන්ඩිස් කියපු දේ..කවුරු කැප්ටන් කළත් අපේ Target එකයි
06:30
Video thumbnail
ලංකාවේ ඩීසල් පෙට්‍රල් හිඟයක්ද? CPC එකෙන් සියල්ල හෙළිකරයි
02:45
Video thumbnail
ත්‍රීවීල් එකකට රෝද තුනක් දීලා තියෙන්නේ මෙහෙම දෙකකින් යන්නද ?..වාහනත් නවත්තගෙන වැඩ පෙන්නන හැටි
00:44
Video thumbnail
අටමස්ථානාධිපතිට දේවීන්වහන්සේලා දෙන්නෙක් ? මානසික රෝගියෙක්නේ - DNA වෙනස් වෙයිද ?
05:48