මගේ මල්ලිගේ අත් කකුල් ඔක්කොම ඉවරයි : මහාභාගේ අනතුරේ හද කම්පා කරන තවත් පුවතක්

වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වු දෙදරු පියාගේ ඥාතීන් අද මහබාගේ පොලීසිය ඉදිරිපිට ට රැස්ව සිටි අතර අනතුරට වගකිව යුතු පාර්ශවයට නීතියෙන් නිසි දඬුවම් ලබාදෙන ලෙසයි ඔවුන් පවසා සිටියේ.

16 හැවිරිදි දරුවෙකු පැදවු අධි සූඛෝපභෝගී මෝටර් රථයක් ඊයේ උදෑසන 9.05ට පමණ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි මෝටර් රථයක, ත්‍රීරෝද රථයක සහ යතුරුපැදි දෙකක ගැටී සිදුවු අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලැබුවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා 51 හැවිරිදි ලී වැඩපොළක සේවකයෙකු වන අතර අනෙක් තිදෙනාගෙන් එක් අයකෙුගේ ද තත්ත්වය බරපතළ බව වාර්තා වුණා.

එලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි පාසල් සිසුවෙක් වන අතර මියගිය පුද්ගලයා එම දරුවාගේ ඥාතියෙකි.

මියගිය පුද්ගලයාගේ දියණිය මෙහිදී අදහස් පලකර සිටියා,

“අම්මලා තාත්තලාගේ නොසැලකිලිමත්කම නිසා කරපු දෙයින් මගේ පවුලම අසරණයි. මගේ මල්ලිගේ කකුල් අතපය ඔක්කෝම ඉවරයි. එයාගේ ජීවිතෙත් එහෙම් පිටින්ම ඉවරයි. මරණෙත් එක්ක එයා සටන් කරන්නේ. අද මගේ තාත්තා මරණයට පත්වෙලා. අපේ ඉස්සරහ අනාගතේට කවුද වගකියන්නේ. ඒ අයට කිසිම ගානක් නෑ. නීතිය යටත්පත් කරන්නේ නැතුව මේකහරි විසඳුවොත් හොඳයි. රියදුරු බලපත්‍රයක්වත් නෑ ඒ ළමයට. අන්තිමේ දී අපිට තමයි මේ අසාධාරණය වුණේ. මේකට නීතියෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. මගේ තාත්තට වගේ ම අනිත් අයට මීට කලින් අසාධාරණ වෙලා තියෙනවා. ඒවත් ඔක්කෝම යටපත් වුණා මිල මුදල් තනතුරු නිසා. මගේ තාත්තට හරි මේ අසාධාරණය නොවී අපිට සාධාරණයක් ඉටුකරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.”

අනතුර සම්බන්ධයෙන් රාගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 හැවිරිදි දරුවෙක් හා එම වාහනයේ හිමිකරු වන පාසල් සිසුවාගේ පියා ද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී පාසල් සිසුවාගේ සොහොයුරිය ද මෝටර් රථය තුළ සිට ඇත.

මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයෙකුට අයත් එම සුඛෝපභෝගී මෝටර් රථය ඔහුගේ පුත්‍රයා විසින් රැගෙන ගොස් ඇති අතර, අනතුර සිදුවු ස්ථානයට පැමිණි ව්‍යාපාරිකයා පවසා සිටියේ, වාහනය පුතා විසින් රැගෙන ආ බව නොදැන සිටි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38