spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවිතයක වටිනාකම කුණු කූඩයට දමා මහබාගේ මාරක අනතුර කළ 16 කොල්ලා කොටුවී සිටි හැටි

අද උදෑසන වැලිසර ප්‍රදේශයේදී රථ වාහන කිහිපයක ගැටී මාරක අනතුරක් සිදු කළ 16 හැවිරිදි දරුවා සිය පියා ගේ මෝටර් රථය නිවසින් එළියට රැගෙන ගොස් ඇත්තේ කුමන හේතුවක් නිසා ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.වැලිසර මහබාගේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන මෝටර් රථයේ හිමිකරු අද උදෑසන සිය මෝටර් රථය සෝදා පවිත්‍ර කර ව්‍යාපාර කටයුත්තක් සඳහා කොළඹ යෑමට සූදානම් කර තිබෙනවා.

ඔහු ඒ ගමන සඳහා සූදානම් වන අවස්ථාවේදී අදාල ව්‍යාපාරිකයාගේ දාසය හැවිරිදි පුත්‍රයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරිය ජීප් රථය රැගෙන නිවසින් එළියට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ මෝටර් රථය පැමිණි වේගයෙන්ම මාර්ගය මැද පිහිටා ඇති බාධකය හරහා ගොස් අනෙක් පැත්තට හැරී තවත් මෝටර් රථයක් උඩට පතිත වූ බවයි.

මේ අනතුරෙන් ඒ අවස්ථාවේ කොළඹ දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියක ගමන් කළ පුද්ගලයකු සිද්ධිය වූ ස්ථානයේ දී ම මිය ගියා.මීට අමතරව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරෙන් පසුව මෙම 16 හැවිරිදි දරුවා පොලිසිය විසින් අත්අඩංගුවට පත් වන මොහොතේ ලබාගත් දර්ශණය පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?