AFC Banner
Empty Ad
Empty Ad

වැලිපැන්න ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි

වැලිපැන්න ප්‍රදේශයේ නිවසක සැක කටයුතු අන්දමින් මියගිය අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් හමුවූ බව වැලිපැන්න පොලිසිය සඳහන් කරනවා.

මියගිය බිරිඳ වයස අවුරුදු 67ක් වන අතර සැමියා වයස අවුරුදු 75 පසුවනවා.

මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

කළුතර කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද ස්ථානයට ළගාවෙමින් සිටින බවයි වැලිපැන්න පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?