වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු FCIDයට – පොලිසියෙන් මහජතාවට සැලියුට් එකක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙම සැකකරු ඊයේ (26) දින සවස් කාලයේ මහරගම, නාවින්න ප්‍රදේශයේ දී විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනෙකුත් සැකකරුවන් හා සැකකාරිය ද වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරුවන් හා සැකකාරි ඊයේ (26) අලුයම් කාලයේ දී අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

පොලිසිය විසින් සිදුකළ එම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතර තුර පළා ආ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන වෙඩික්කරු ඊයේ (26) අත්අඩංගුවට පත් වුණේ මහරගම, නාවින්න ප්‍රදේශයේ දීයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මහජනතාව දැක්වූ සහයෝගය ශ්‍රී ලංකා පොලිසිය ඉතා අගය කොට සළකන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?