වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු FCIDයට – පොලිසියෙන් මහජතාවට සැලියුට් එකක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා.

මෙම සැකකරු ඊයේ (26) දින සවස් කාලයේ මහරගම, නාවින්න ප්‍රදේශයේ දී විශේෂ විමර්ශන කණ්ඩායමක්, පොලිස් විශේෂ කාර්ය බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ ඒකාබද්ධ මෙහෙයුමක් මගින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව මෙම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු අනෙකුත් සැකකරුවන් හා සැකකාරිය ද වැඩිදුර විමර්ශන සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි වාර්තා වුණේ.

එම සැකකරුවන් හා සැකකාරි ඊයේ (26) අලුයම් කාලයේ දී අනුරාධපුර, කැකිරාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

පොලිසිය විසින් සිදුකළ එම අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම අතර තුර පළා ආ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන වෙඩික්කරු ඊයේ (26) අත්අඩංගුවට පත් වුණේ මහරගම, නාවින්න ප්‍රදේශයේ දීයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන පොලිස්පතිවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ කණ්ඩායම් කිහිපයක් ඔස්සේ විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර මෙම අපරාධයේ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සෙසු සැකකරුවන් සහ සැකකාරිය අත්අඩංගුවට ගැනීමට මහජනතාව දැක්වූ සහයෝගය ශ්‍රී ලංකා පොලිසිය ඉතා අගය කොට සළකන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39