වැලිගම ශූටර් නාවින්නේ දී ඇල්ලූ අවස්ථාවේ වීඩියෝ කළ අයට වැඩ වරදියි

වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ එය වීඩියෝ ගතකර සමාජ මාධ්‍ය වෙත යොමුකළ සිදුවීමට අදාළව, ඒ හා සම්බන්ධ නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පොලිසිය ආරම්භ කර තිබෙනවා.

පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුකර විශේෂ විමර්ශන ඒකකය හරහා එම විමර්ශනය අරඹා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා අද (28) සඳහන් කළේ.

අධිකරණය තුළ ඉදිරියේ දී විභාගයට භාජනය වන නඩු කටයුත්තක සාක්ෂි මෙලෙස ඉදිරිපත්වීම අදාළ නඩුවට සහ වින්දිතයාට ද අගතියක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා වැඩිදුරටත් පැවසුවේ.

වෙඩි තැබීම සිදුකළ බව කියන සැකකරු පසුගිය 26 වනදා පස්වරුවේ මහරගම, නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
15
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?