AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට බැට්ටගේ ගෙන් මරණ තර්ජන

වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට මරණ තර්ජනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් එහි හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලිසිය විසින් සැකකරු ඊයේ (25) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර පුෂ්ප කුමාර බැට්ටගේ මෙවර මහ මැතිවරණය සඳහා සර්වජන බලය පක්ෂයෙන් අපේක්ෂකයෙකකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක්.

අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (26) දින මාතර, කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියමකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?