වැලිගම ඝාතන සිද්ධියට අදාලව පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

වැලිගම නගරයේදී පුද්ගලයකු බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් රාජකාරී පැහැර හැරිම යටතේ වැලිගම පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් (20) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 17 වනදා වැලිගම බස් නැවතුම්පොළට ආසන්නයේදී මිදිගම ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඥාතීන් චෝදනා කළේ මෙම මරණය සම්බන්ධයෙන් තමන්ට පොලිසිය පිළිබඳව සැකයක් පවතින බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ආපනශාලාවක සේවයේ නියුතු පුද්ගලයෙක්ද මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

විඩියෝව මෙතනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?