වැලිගම කම්පා කරවූ ඝාතනයේ ඇඟ කිලිපොළා යන CCTV දර්ශන එළියට එයි

මාතර වැලිගම මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ හදිසි මරණයක් සම්බන්ධයෙන් පොලිසිය සැක බවට ඥාතීන් විසින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ රිය අනතුරකින් මියගිය බව පවසන තම ඥාතියා ඝාතනය කර එම ස්ථානයට ගෙන ගොස් දමා ඇති බවයි.කෙසේ වෙතත් පොලිසිය විසින් ඔවුන් වෙත CCTV දර්ශන පෙළක් ලබා දී ඇති අතර එහි දැක්වෙන්නේ මාර්ගයේ වැටී සිටින අදාළ පුද්ගලයාගේ සිරුර මතින් බස් රථයක් ධාවනය වන ආකාරයයි.

කෙසේ වෙතත් ඥාතීන් පවසන්නේ තමන් වෙත ලබාදුන් CCTV දර්ශන පෙළෙහි මුල් කොටස තමන්ට ලබාදීමට කටයුතු නොකළ බවයි.

අදාළ CCTV දර්ශනවල පුද්ගලයන් කිහිපදෙදෙනෙකු සිටින අතර ඔවුන් යතුරුපැදිවල නැගී එම ස්ථානයෙන් පිටව යන අයුරු ද සටහන් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ වරාය අධිකාරියේ සේවයේ නියුතු තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණියක් කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිට ඇති අතර ඇයට කොරෝනා අසාදනය වීම හේතුවෙනුයි පවුලේ සෙසු සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇත්තේ.

එහිදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙක් නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පසුගිය 17 වනදා රාත්‍රියේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම හේතුවෙන් මියගිය පුද්ගලයා වැලිගම නගරයට ගිය බවයි ඥාතීන් පවසන්නේ.

එහිදී මෙම පුද්ගලයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවත් පොලිසිය 19 වනදා උදෑසන තමන් වෙත දැනුම්දුන් බවයි ඥාතීන් පවසන්නේ.

ඒ අනුව මාතර රෝහලේ පැවැත්වෙන මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය රැගෙන යන ලෙසට දැනුම් දුන්නද එදිනම දහවල් යළි පොලිසිය විසින් දැනුම්දී ඇත්තේ ඔහුට කොරෝනා අසාදනය වී ඇති බැවින් දේහය ලබාදිය නොහැකි බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දමිල තරුණයෙක් අත්අඩංගුවට ගත් බවයි වැලිගම පොලිසිය පවසන්නේ.කෙසේ වෙතත් ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වැලිගම පොලිසිය සැක බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලංගොඩ බිහිසුණු අනතුරේ CCTV දර්ශන එළියට.."අයියෝ ඒ අම්මේ..දෙයියනේ මොකද වුණේ"
01:57
Video thumbnail
බෝඩ්ලන්ඩ් ජලාශ වේල්ලෙන් පැ#න පුද්ගලයාගේ නිසල සිරුර හමුවෙයි
01:28
Video thumbnail
ආණ්ඩුව මේ රට වෙනුවෙන් කිසි දෙයක් කරලා නෑ..ජනතාව ගෙන්නන්න පුළුවන් කියලා අපි පෙන්නුවා නොවැම්බර්
02:56
Video thumbnail
දොර ඇරලා බැලුවේ නැත්තම් අද මගේ කෑලිත් නෑ..මහ පාන්දර ඇවිත් අලි දාන සෙල්ලම් මෙන්න
03:28
Video thumbnail
ජනපතිගේ කතාවෙදි සාගර බයවෙච්ච කාරණය සාගර හෙළිකරයි..මේක රටේ නීතිය අවභාවිතාවක්
04:38
Video thumbnail
බස් රථයක් රියදුරුත් නොමැතිව කඩවල්, වාහන කුඩු කරගෙන මනුස්සයෙක් එක්කම පෙරලෙයි
01:49
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්
00:47
Video thumbnail
මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු වූ චීවරධාරීන් රිමාන්ඩ්..මූණත් වහගෙන පෝළිමට එන හැටි
01:11
Video thumbnail
මහින්දානන්ද පදනම සතු දේපල යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට.."අපි මේක මහින්දානන්දගේ කාර්යාලය විදියට කළා"
06:31
Video thumbnail
අපි හිරේ යන්න බය නෑ..රස්තියාදුකාරයෝ අපිට වැඩක් නෑ..පොළොන්නරුවේ ටී.බී. සරත්ට සැරටම දෙසයි
06:04