AFC Banner
Empty Ad
Empty Ad

වැලිගම කම්පා කරවූ ඝාතනයේ ඇඟ කිලිපොළා යන CCTV දර්ශන එළියට එයි

මාතර වැලිගම මිදිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ හදිසි මරණයක් සම්බන්ධයෙන් පොලිසිය සැක බවට ඥාතීන් විසින් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ රිය අනතුරකින් මියගිය බව පවසන තම ඥාතියා ඝාතනය කර එම ස්ථානයට ගෙන ගොස් දමා ඇති බවයි.කෙසේ වෙතත් පොලිසිය විසින් ඔවුන් වෙත CCTV දර්ශන පෙළක් ලබා දී ඇති අතර එහි දැක්වෙන්නේ මාර්ගයේ වැටී සිටින අදාළ පුද්ගලයාගේ සිරුර මතින් බස් රථයක් ධාවනය වන ආකාරයයි.

කෙසේ වෙතත් ඥාතීන් පවසන්නේ තමන් වෙත ලබාදුන් CCTV දර්ශන පෙළෙහි මුල් කොටස තමන්ට ලබාදීමට කටයුතු නොකළ බවයි.

අදාළ CCTV දර්ශනවල පුද්ගලයන් කිහිපදෙදෙනෙකු සිටින අතර ඔවුන් යතුරුපැදිවල නැගී එම ස්ථානයෙන් පිටව යන අයුරු ද සටහන් වී තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ වරාය අධිකාරියේ සේවයේ නියුතු තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

ඔහුගේ දියණියක් කොග්ගල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිට ඇති අතර ඇයට කොරෝනා අසාදනය වීම හේතුවෙනුයි පවුලේ සෙසු සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇත්තේ.

එහිදී මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ තවත් දරුවන් දෙදෙනෙක් නිවස තුළ නිරෝධායනයට ලක්කර තිබෙනවා.

පසුගිය 17 වනදා රාත්‍රියේ නිවසේ අත්‍යවශ්‍ය භාණ්ඩ නොමැති වීම හේතුවෙන් මියගිය පුද්ගලයා වැලිගම නගරයට ගිය බවයි ඥාතීන් පවසන්නේ.

එහිදී මෙම පුද්ගලයා මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී තිබෙනවා.

මේ අතර මියගිය පුද්ගලයාගේ PCR පරීක්ෂණයක් සිදුකර ඇති බවත් ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවත් පොලිසිය 19 වනදා උදෑසන තමන් වෙත දැනුම්දුන් බවයි ඥාතීන් පවසන්නේ.

ඒ අනුව මාතර රෝහලේ පැවැත්වෙන මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය රැගෙන යන ලෙසට දැනුම් දුන්නද එදිනම දහවල් යළි පොලිසිය විසින් දැනුම්දී ඇත්තේ ඔහුට කොරෝනා අසාදනය වී ඇති බැවින් දේහය ලබාදිය නොහැකි බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දමිල තරුණයෙක් අත්අඩංගුවට ගත් බවයි වැලිගම පොලිසිය පවසන්නේ.කෙසේ වෙතත් ඥාතීන් වැඩිදුරටත් පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වැලිගම පොලිසිය සැක බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?