වැලිකන්ද – සිංහපුර මාර්ගයේ දී රිය අනතුරක් සිදු ව දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුර සිදු ව ඇත්තේ වැලිකන්ද – සිංහපුර මාර්ගයේ මුතුවැල්ල මංසන්ධිය ආසන්නයේ පිහිටි වංගුවක් සහිත ස්ථානයකදියි.
අධික වේගයෙන් පැමිණි ලොරි රථයක් පාලනය කරගැනීමට නොහැකි ව ඉදිරියෙන් පැමිණි කැබ් රථයක මුහුණට මුහුණ ගැටී තිබෙනවා.
අනතුර අද (16) පෙරවරුවේ සිදුව ඇති අතර එහිදී රථ දෙකෙහිම රියදුරන් තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
1
+1





