ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායකවරයා අද (20) සිය සහතිකය සටහන් කළා.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත මගින් ශ්‍රී ලංකාව තුළ මුදල් ණයටදීමේ හා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාර නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහාවන ශක්තිමත් නෛතික රාමුවක් හඳුන්වාදීම සඳහා නව නියාමන අධිකාරියක් පිහිටුවීම සඳහා ප්‍රතිපාදන සළසනු ලබනවා.

මෙම අධිකාරියේ අරමුණ වන්නේ බලපත්‍රලාභී මුදල් ණයට දෙන්නන් සහ බලපත්‍රලාභී ක්ෂුද්‍රමුල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීම, එම ආයතන හා සම්බන්ධ ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සහ මහ බැංකුව සහ අනෙකුත් නියාමන අධිකාරීන් සමඟ සම්බන්ධීකරණය කිරීමයි.

එමෙන්ම මෙම පනත් කෙටුම්පත තුළින් 2016 අංක 6 දරණ ක්ෂුද්‍රමුල්‍ය පනත පරිච්චින්න කිරීම සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුශාංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම ද සිදුවනවා.

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2025 නොවැම්බර් මස 26 වන දින පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2026 මාර්තු 04 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබුවා.

ඒ අනුව ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත 2026 අංක 9 දරණ ක්ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත ලෙස අද (20) සිට බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00