ඉන්ධන මිල ගැන කඩිනමින් තීරණයක් ගත යුතුයි – ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි (වීඩියෝ)

එක ඩොලරයකින් ඉන්ධන මිල ඉහළ ගියහොත් මෙරට වෙළඳපොළේ ඉන්ධන මිල රුපියල් දෙකකින් ඉහළ යෑමක් සිදුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (20) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ අනෙකුත් රටවල්වල ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කිරීමක් ද සිදුකළා.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ මෙරට ඉන්ධන අවශ්‍යතාවෙන් 57%ක් තෙල් සංස්ථාව විසින් සහ පෞද්ගලික අංශය මඟින් 43%ක් සපුන බවයි.

ඒ, අනුව පෞද්ගලික අංශය විසින් මෙරට රැගෙන එනු ලබන ඉන්ධන සඳහා මේ මොහෙතේ පවතින මිල ගණන් ඉල්ලා ඇති බවත්, ඒ අනුව ඉන්ධන මිල සම්බන්ධව කඩිනමින් තීරණයක් ගත යුතුව ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

“ඔවුන් කියන්නේ මොකක්ද ඔවුන් කියන්නේ මේ මොහොතේ ගේන තෙල්වලට මේ මොහොතේ තිබෙන මිල දෙන්නේ නැත්නම් අපි ගේන්නේ නෑ කියලා. ඒක සාධාරණයි. ඔවුන්ගේ ගණනය අනුව එක නැවකින් ඔවුන්ට පාඩු වෙනවා ඩොලර් මිලියන 55ක්. එහෙම පාඩු වෙන්න කවුරුත් තෙල් ගෙන්නේ නෑ. මේ ඉන්ධන සැපයුම්වලට පෞද්ගලික අංශයේ දායකත්වය අවශ්‍යයි. හැබැයි ඔවුන් දායකත්වය ලබා දෙන්නේ ඔවුන්ගේ කොස්ට් එකට අනුව විකුණගන්න ලැබුණොත් විතරයි. ඉන්ධන මිල පිළිබඳව අපි ඉතා ඉක්මනින් සැලකිල්ලට ලක් කළ යුතුයි.”

  1. වෙළදපල මිල මත මිල තීරණය වීමට ඉඩ දීම රජයේ වගකීමය. සහනාධාර දිය යුත්තේ වැඩ පල කරගැනීමට නොහැකි විකලාංග ජනතාවට පමණි. ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයට හා දේශපාලන ට රිංගු ඉරාන පලස්තීන isis ත්‍රස්තවාදීන් ලංකාව වලට යැව්වේ සහනාධාර වලට මුවා වෙලාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කයිවාරු කොටා මූ..පේන්නේ නැද්ද මූණත් කළුවෙලා - කිසිම සහනයක් නෑ මිනිස්සුන්ට..වැඩක් නෑ
04:14
Video thumbnail
උරුමයට ඔයාලා කරුමය කියලා හරි දාගන්න..සුරතල් කතා වැඩක් නෑ - චාමරට යකා නගියි
04:26
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46