Indian Premier League

එමිල් රංජන් ළමාහේවා ගොනුකළ අභියාචනය 08 වනදා විභාගයට

වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය ලබා සිටින තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා විසින් ඉදිරිපත් කළ අභියාචනය මේ මස 08 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නිවේදනය කළේ අදාළ අභියාචනා පෙත්සම මේ මස 08 වනදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවයි.

2012 වසරේ නොවැම්බර් මස 10 වන දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අටදෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

තමන්ට එම මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායක සහභාගීවන ගම්පහ රැලිය
00:00
Video thumbnail
ජීවමාන බුදුන් දැක්කා වගේ මහත්තයෝ - ජනාධිපතිට අජරාමර නිවන් සුව ලැබෙන්න ඕන
05:47
Video thumbnail
පාස්කුව පිටිපස්සේ රවියි - ශානියි ? මාධ්‍ය හමුව දෙවනත් කරපු සුගීශ්වර
21:47
Video thumbnail
🔴BREAKING NEWS
01:21
Video thumbnail
පාස්කු කොමිෂන් වාර්තාව පොලිසියට ලැබුණා - ඉක්මණට නීතිය ක්‍රියාත්මක කරනවා
02:01
Video thumbnail
නාමල් ජනපතිට අභියෝග කරයි - නාමල් ජනපතිට අභියෝග කරයි
08:14
Video thumbnail
කටුනායක වෙ# තැබීමේ CCTV දර්ශන - ව්‍යාපාරිකයා 99න් බේරුණු හැටි
02:57
Video thumbnail
ටීචර් අම්මාට වැඩ වරදින ලකුණු - එයා එහෙම ගියපු එක වරදක් තමයි
06:25
Video thumbnail
ස්වර්ගස්ථ වූ පාප් වහන්සේගේ අවසන් කටයුතු වෙන හැටි
20:05
Video thumbnail
අපි හැංගිලා නෑ මල්ලි - අපි ඉන්නවා - අලුත් අඩව්වක් අල්ලන්න යන පොහොට්ටුව
09:12

?