spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එමිල් රංජන් ළමාහේවා ගොනුකළ අභියාචනය 08 වනදා විභාගයට

වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට අදාළව මරණීය දණ්ඩනය ලබා සිටින තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා විසින් ඉදිරිපත් කළ අභියාචනය මේ මස 08 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, අචල වෙංගප්පූලි සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නිවේදනය කළේ අදාළ අභියාචනා පෙත්සම මේ මස 08 වනදා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා බවයි.

2012 වසරේ නොවැම්බර් මස 10 වන දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් අටදෙනකු මරණයට පත්වීමේ සිද්ධියට අදාළව වරදකරු කෙරුණු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

තමන්ට එම මරණීය දණ්ඩනය නියම කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔහු මෙම අභියාචනා පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?