AFC Banner
AFC Banner
Empty Ad

වැල්ලවායේ සතොස අලෙවි සැලකින් පරිභෝජනයට නුසුදුසු සිනී තොගයක්

වැල්ලවාය ඇල්ල මාර්ගයේ පිහිටා ඇති සතොස අලෙවි සැලේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු සීනි තොගයක් හමුවී තිබෙනවා.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කළ වැටලීමකදීයි මෙම සීනි තොගය හමුවී ඇත්තේ.

මෙලෙස සොයාගෙන ඇති සීනි තොගයේ වටිනාකම රුපියල් එක්ලක්ෂ හතලිස් දහසක් පමණ වන බව සඳහන්.

අදාළ සීනි තොගය එම ස්ථානයේදී ම විනාශ කර දැමීමට පියවර ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?