වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් කරන්න ජනපතිට නීතිමය ප්‍රතිපාදන නැහැ – අගමැති (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයකින් පුරප්පාඩු වූ පොලිස්පති ධුරයට මේ මොහොතේ (26) කිසිදු අයුරකින් වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට බලතල නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ; එලෙස වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට නීතිමය ප්‍රතිපාදන ජනපති සතු නොවන බවයි.

එමෙන්ම දැනට පවතින පොලිස්පති ධුරය හිස් නොවන බව ද අග්‍රාමාත්‍යවරයා දැනුම්දුන්නා.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙරේදා (24) දිනයේ දී දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් පමණක් නිකුත් කර ඇති මිසෙක ඉන් පොලිස්පති ධුරයේ පුරප්පාඩුවක් සිදු නොවූ බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කතානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කතානායකවරයා මේ සම්බන්ධ ව හැකි ඉක්මනින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” යනුවෙන් ද අගමැතිවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
16
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාවාරම්කරුවෙක් පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"උදේනිට හයි කෝ⁣ට් එකක් දාලා දෙන්න"
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40