වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි සංශෝධනයට කථානායක අත්සන් තබයි

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (31) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සංශෝධන සිදුකොට ඊට අනුමතිය ලබාගැනීම සිදු වුණා.

පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පවත්වනු ලැබුවා.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද සංඛ්‍යාව එකක්.

ඉන් පසුව කාරක සභා අවස්ථාවේ දී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174ක් ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමි වුණා.

ඒ, අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (31) සිට බලාත්මක වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාජන් බංඩාව පොලිස්පති කරන්න යෝජනා කරනවා - ශානිගේ DIG තනතුර ගැන අහද්දි ගම්මන්පිලගෙන් යෝජනාවක්
01:23
Video thumbnail
රැඳවියන්ට සලකන හැටි හිරුණිකා හෙළිකරයි - කාන්තාවන්ව නි#වත් කරලා චෙක් කරන්නේ..බන්දේ පොලිසිය අමා#ෂිකයි
12:11
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය - මෙන්න කැමරාවට හසුවූ දර්ශන
01:51
Video thumbnail
JVP එකේ කොට අය රජීව්ගේ උසට ඊර්ෂ්‍යා කරනවා ? මාලිමාව, රජීව්ව ටාගර්ට් කරගෙන
07:52
Video thumbnail
ඊළඟට මොන බන්ධනාගාරයේ ම# ගයිද දන්නේ නෑ ?බන්ධනාගාර උණුසුම ගැන අනිල් කට අරියි
02:43
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක් - "උඹ පොටෝ බැරිනම් ෆේස්බුක් හරි දාපන්"
01:07
Video thumbnail
දූෂණයෙන් තොර ක්‍රිකට් ක්‍රීඩාවක් නෙවෙයි රටක් හදන්න ඕනි - ක්‍රිකට් ස්වාධීන දෙයක්
04:06
Video thumbnail
අජිත් - අධිකරණ ඇමතිට අභියෝග කරයි..කිසිදු ඵලයක් නැති බව අජිත් සාක්ෂි එක්ක හෙළිකරයි ?
16:44
Video thumbnail
ශානි අබේසේකරට හදිසියේම උසස්වීමක් ලැබුණ හැටි මෙන්න - සියළුම හිඟ වැටුප් සහ දීමනාත් ලැබෙයි
01:26
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු - එයා කුලප්පුවෙලා - මනුස්සයට ග#න්න යන්නේ
04:22