spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි සංශෝධනයට කථානායක අත්සන් තබයි

පසුගිය දා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (31) පෙරවරුවේ අත්සන් තබා තිබෙනවා.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය අගෝස්තු 10 වන දින අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඊට එරෙහිව පෙත්සම්වලට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සංශෝධන සිදුකොට ඊට අනුමතිය ලබාගැනීම සිදු වුණා.

පසුගිය ඔක්තොබර් 20 සහ 21 යන දෙදින 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය පවත්වනු ලැබුවා.

දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 179ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද සංඛ්‍යාව එකක්.

ඉන් පසුව කාරක සභා අවස්ථාවේ දී සංශෝධන එක්වීමෙන් අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 174ක් ද විපක්ෂව එක් ඡන්දයක්ද හිමි වුණා.

ඒ, අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස අද (31) සිට බලාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?