වැඩිහිටි දීමනාව ගෙවීම ලබන 20 වනදා සිට

වසස අවුරුදු 70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට ලබාදෙන රුපියල් 3,000ක මාසික දීමනාව ගෙවීමට මෙම මාසයේ කටයුතු කරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කරනවා.

ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අස්වැසුම ප්‍රතිලාභ හිමි පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා පසුගිය 2024 වර්ෂයේ නොවැම්බර් සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් සෘජුවම SLIPS ක්‍රමය මඟින් අස්වැසුම ගිණුම්වලට අදාළ දීමනාව ගිණුම්ගත කරන බවයි.

අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් එම දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල්/උප තැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන බව ද එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා.

2025 පෙරබරවාරි මස දීමනාව සහ හිඟදීමනා තැපැල්/ උපතැපැල් කාර්යාල හරහා පෙබරවාරි මස 20 වන දින සිට ගෙවීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලබන බවයි දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?