AFC Banner
Empty Ad
Empty Ad

වැඩිම මිලකට වෙන්දේසි වූ ක්‍රිකට් පිත්ත

ලොව වැඩිම වටිනාකමක් සහිත ක්‍රිකට් පිත්ත ලෙස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් භාවිත කළ පිත්තක් පත්ව තිබෙනවා. ඒ ඔන්ලයින් ක්‍රමයට පැවති වෙන්දේසියකදී එය ඩොලර් 245,500කට වෙන්දේසි වීමත් සමඟය.

එය ශ්‍රී ලංකා මුදලින් ගතහොත් රුපියල් කෝටි 5කට ආසන්න මුදලකි.

මෙම ක්‍රිකට් පිත්ත වර්ෂ 1934දී අළු බඳුන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු භාවිත කර තිබෙන අතර මෙම ක්‍රිකට් පිත්තේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එහි පසුපස ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් විසින් සටහනක් තබා තිබීමය.

එහි සඳහන් වන්නේ හෙඩිංලි හිදී ලබාගත් ලකුණු 304 සහ ඕවල් ක්‍රීඩාංගණයේදී රැස්කළ ලකුණු 244 පිලිබඳවය.

මෙය ඔහු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් ව ඇත.

ලොව මිල අධිකම ක්‍රිකට් පිත්ත කරළියට
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?