Empty Ad
AFC Banner
Empty Ad

වැටුප් ගෙවන්න රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නැහැ

රාජ්‍ය සේවක මාසික වැටුප් සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට සිදු කරන නව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි ඔහු මෙම අදහස් පළ කළේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ රජයට මාසිකව රුපියල් බිලියන 145ක පමණ ආදායමක් ලැබුණ ද වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් වැය වන බවයි.

විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 27ක් වැය වන අතර සමෘද්ධි සහනාධාර ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 6ක් වැයවන බව ඔහු පෙන්වා දෙනවා.

සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් වැයවන අතර මෙම මුදල් එකතු කර බැලීමේදී ආසන්න වශයෙන් රුපියල් බිලියන 154ක් වැය වන බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

පොලිය ණය ආපසු ගෙවීම් සහ සහ අනෙකුත් වියදම් මීට ඇතුලත් නොවන බවත් රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතින්නේ එතරම් දරුණු මට්ටමක බවත් ඔහු අවධාරණය කලා.

මෙවැනි පසුබිමක් තුල රාජ්‍ය අංශයේ ආදායම වැඩිකර ගැනීමට සහ වියදම් අඩුකර ගැනීමට රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත් ආදායම එකවර වැඩිකර ගත් ආකාරයෙන් වියදම අඩුකර ගැනීමට නොහැකි බවයි මහින්ද සිරිවර්ධන මහතා කියාසිටියේ.

එමෙන්ම අර්බුධ අවස්ථාවේ දිළිඳු පුද්ගලයන් රැක බලා ගැනීම ඇතුලු කරුණු වෙනුවෙන් ද රජයට මුදල් වියදම් කිරීමට සිදුවූ බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?