AFC Banner
AFC Banner
Empty Ad

වැටුප් අවශ්‍යනම් ඉදිරිපත් කළ යුතු ලේඛණය මෙන්න

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැටුප් ලබා ගැනීම සඳහා කොවිඩ් මර්ධන එන්නත ලබා ගත් බවට සහතික කෙරෙන එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට පන්ජාබ් ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටිනවා.

සිය ප්‍රාන්තයේ සේවය කරනු ලබන රාජ්‍ය සේවකයින් රජයේ නිල වෙබ් අඩවියට සිය එන්නත්කරණ කාඩ් පතේ ජායාරූපයක් යොමු කළ යුතු බවයි පන්ජාබ් ප්‍රාන්ත රාජ්‍ය මේ සම්බන්ධයෙන් නිවේදනයක් කරමින් සඳහන් කර සිටින්නේ.

මෙහිදී එක් කොවිඩ් මාත්‍රාවක් හෝ පුර්ණ එන්නත්කරණයට ලක් වුවන් ගේ එන්නත් කාඩ් පතේ ජායාරූපයක් යොමු කළ යුතුවේ.

කෙසේ වුවත් එන්නත් ලබා නොගත් රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රාන්ත රජය විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?