ගම්වැසියන් හා ඇතිවූ ගැටුමකින් වීරකැටිය පොලිසියේ 06 දෙනෙකුට තුවාල

වැටලීමක් අතරතුර ගම්වැසියන් හා ඇතිවූ ගැටුමකින් වීරකැටිය පොලිසියේ 06 දෙනෙකුට තුවාල හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු තුවාල ලබා වීරකැටිය හා තංගල්ල රෝහල්වලට ඇතුලත් කර තිබෙනවා.

වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ වැටලීම් රාජකාරියට ගිය පොලිස් නිලධාරින් කණ්ඩායමක් හා ගම්වාසීන් පිරිසක් අතරයි මේ ගැටුම හටගෙන තිබෙන්නේ.

එහිදී ගම්වාසීන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

වීරකැටිය පොලිසියේ නිලධාරින් පිරිසක් පස්වරු 2.30ට පමණ අත්තනයාල ප්‍රදේශයට ගොස් සිටියදි
සැකකටයුතු පිරිසක් සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කිරීමට උත්සහ ගෙන තිබුණා.

එම පරික්ෂාවට පිරිස විරෝධය පළකර ඇති අතර අනතුරුව පොලිසිය සමග බහින්බස්වී එය ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වුණා.

තුවාල ලැබුවන් අතර උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනකු, පොලිස් සැරයන්වරුන් දෙදෙනකු, පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සහ සිවිල් ආරක්ෂක උප නියාමකවරුන් දෙදෙනකු සිටිනවා.

ගැටුම සිදුවූ ස්ථානයේ සිටි පුද්ගලයෙක් උප පොලිස් පරීක්ෂකවරයකුගේ කන සපා කෑම නිසා එම නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර ගැටුමට සම්බන්ධ සැකකාර කාන්තාවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනකු වීරකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?