අවසන් එක්දින ක්‍රිකට් තරගයට කොදෙව්වන් ග්‍රවුන්ඩ් එකට ඇවිත් නැහැ!

තරග 03කින් සමන්විත කොදෙව් – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට ප්‍රමාද වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ, වාහන තදබදය හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයින් හට ‘ද ඕවල්’ ක්‍රීඩාංගණයට පැමිණීමට නොහැකි ව තිබීමයි.

මේ හේතුවෙන් දෙරට අතර කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කරවීමටයි තරග සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

එක්දින තරගාවලියේ සත්කාරකත්වය දරන එංගලන්ත කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති එක්දින තරග 02ම ජය ගැනීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
4
+1
13
+1
2
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?