අවසන් එක්දින ක්‍රිකට් තරගයට කොදෙව්වන් ග්‍රවුන්ඩ් එකට ඇවිත් නැහැ!

තරග 03කින් සමන්විත කොදෙව් – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට ප්‍රමාද වී තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ, වාහන තදබදය හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයින් හට ‘ද ඕවල්’ ක්‍රීඩාංගණයට පැමිණීමට නොහැකි ව තිබීමයි.

මේ හේතුවෙන් දෙරට අතර කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද කරවීමටයි තරග සංවිධායකයින් කටයුතු කර ඇත්තේ.

එක්දින තරගාවලියේ සත්කාරකත්වය දරන එංගලන්ත කණ්ඩායම කොදෙව්වන්ට එරෙහිව පැවති එක්දින තරග 02ම ජය ගැනීමට සමත් වුණා.