වාහන ආනයන කිරීම ඇනහිටියි ?

වාහන ආනයනය කිරීමට මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් හෝ රජයේ ස්ථිර වැඩපිළිවෙළක් හෝ නොමැති බවට ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ; වාහන ආනයනය කිරීමට අවසර දෙන බවට පැවසුව ද; ඒ සම්බන්ධයෙන් මෙතෙක් ඇත්තේ හිටපු අමාත්‍යවරයෙකුගේ ප්‍රකාශයක් පමණක් බවයි.

පළමු ව බස් සහ ලොරි රථ ගෙන්වීමට සැලසුම් සකස් කර තිබුණ ද; එය සිදු කිරීමට කිසිදු වැඩපිළිවෙළක්, නව තීරණයක් හෝ රජය විසින් ගෙන නොමැති බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

පසුගිය රජය සමයේ කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශයක් සිදු කළ ද; නව රජය විසින් කිසිදු පියවරක් ගෙන නැති බව ද හෙතෙම පැවසුවා.

පළමුව බස් සහ ලොරි රථ ගෙන්වා ආර්ථිකයට සිදුවන බලපෑම සලකා බලා පසුව සෙසු වාහන ගෙන්වීමට අවසර දෙන බවට පසුගිය රජය යටතේ සැලසුම් සකස් කර තිබූ බව ද වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නා.

නමුත් නැවත වාහන ආනයනය ගැන කතාබහක් කෙරෙන්නේ නම්; එය නව අයවැයෙන් පසුව සිදු කළ යුත්තක් බවට පත් වී ඇති වගයි ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
14
+1
57
+1
5
+1
23
+1
15
+1
11
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13