AFC Banner
Empty Ad
Empty Ad

වාහන ආනයනය ගැන තීරණයක්

පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා 2023 වසර අවසන් වනවිට ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවසනවා.

එම අමාත්‍යාංශ නිලධාරීන් මේ බව සඳහන් කළේ ඊයේ (05) රජයේ මුදල් පිළිබද කාරක සභාවට එක්වෙමින්.

වාහන ආනයන සීමා කිරීම් කොපමණ කාලයක් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබද කාරක සභාව විමසූ අවස්ථාවේ දී එම නිලධාරීන් මේ බව සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රජයේ මුදල් පිළිබද කාරක සභාව රැස්වූ අතර එහිදී අංක 2341/38 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 1969 අංක 1 දරණ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ ඇති රෙගුලාසි පිළිබදව අවධානය යොමු කළ කමිටුව ඊට අනුමතිය ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
4
+1
13
+1
2
+1
3
+1
7
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?