වාහන ආනයනයට තවමත් අවස්ථාව දිය නොහැකි බව මුදල් රාජ්‍ය ඇමති කියයි

රථ වාහන ආනයනයට තවමත් අවස්ථාව ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ වාහන ආනයනය යනු විදේශ විනිමය වැඩි වශයෙන්ම වැය වන කටයුත්තක් බවයි.

තවමත් ඉන්ධන ලබාදීම ද කෝටා ක්‍රමවේදයක් අනුව සිදු කරනු ලබන්නේ ඉන්ධන ආනයනය වෙනුවෙන් රට තුළ ඇති ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වාහන ආනයනය කිරීම යනු නැවතත් විශාල සොයා බැලීමකින් පසුව සිදු කළ යුතු කටයුත්තක් වන අතර ඊට තවමත් කාලය උදාවී නොමැති බව රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

අද කෑගල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේබව කියාසිටියේ…

“අපි දැවැන්ත ඩොලර් හිඟයකට මුහුණ දුන්නා. අපි ළඟ සංචිත නැතුවම ගියා. ඒකෙ ආදීනව තමයි 5km 6km තෙල් පෝලිම් ඇති වුණා. ගෑස් නැතිවුණා, බෙහෙත් නැති වුණා, පොහොර නැති වුණා. ඒක කොච්චර දරුණු තත්වයක්ද කිව්වොත් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පෙරලන තැනට අරගලය ආවා. හේතුව වුනේ අපේ රටේ 75% ක් විතර ආනයන වෙළද පොලක් අපේ රටේ තියෙනවා. අත්‍යවශ්‍ය දේ වෙන්න පුළුවන්, අත්‍යවශ්‍ය නොවනදේ වෙන්න පුළුවන්. මේවා සමහර ඒවා සෘජුවම පිටරටින් ගේනවා. නැත්නම් කොටස් ගෙනැල්ලා නැත්නම් අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරනවා. ඒවායේ හිඟය දැඩිව බලපෑවා. එවැනි තත්ත්වය ඉඳල තමයි මේකෙ යම්කිසි කළමනාකරණයක් කරන්න තමයි අත්‍යවශ්‍ය දේට මූලිකත්වය දීලා. අනුපිළිවෙළක් හදන්න රජය කටයුතු කළේ. අනුපිලිවෙල නිසා තමයි නිසා තමයි අද මේ කවුරුත් කියන අර තිබුණු තත්වයේ වෙනස අපි දකින්නේ. හොඳ අනුපිළිවෙළක් හදාගත්ත නිසා. මුලින් අපි 4000ක් නිතර නැවැත්තුවා. දැන් අපි ක්‍රම ක්‍රමයෙන් ඇවිල්ලා පසුගිය සතියෙත් අපි 286 ගාණක් අනාගතයේදී නිදහස් කරන්න අවශ්‍යයි. ඔය නවසීය ගානක් අනාගතයේදී නිදහස් කරන්න අවශ්‍යයි. ඒව ගැන ගැඹුරු සොයා බැලීමක් කරන්න ඕනෑ.

වාහන කියලා කියන්නේ වැඩියෙන්ම විදේශ විනිමය වැය වෙන දේ. අපි තාමත් ඉන්ධන ටිකත් කෝටා ඒකට බෙදන්නේ. අපි ළඟ තියෙන ඩොලර් ප්‍රමාණය මදි නිසා. වාහන වගේ දෙයක් නැවත ආනයනය කරනවා කියලා කියන්නේ නැවත අපි ලොකු සොයා බැලීමක් කරන්න ඕනේ. ඒ සඳහා වූ කාලය තාම උදා වෙලා නෑ. පැහැදිලිව ඊට වඩා හෙමින් තමයි අපි තීරණ ගන්න ඕනේ. මූණත පෙනුමෙන් තීරණ ගන්න බැහැ මේ වෙලාවේ. අට දිශාවම බලලා යම් ආර්ථික තිරණයක් කොහොමද මුළු සාර්වආර්ථිකයටම බලපාන්නේ කියලා බලලා තීන්දු ගන්නේ. ඒ නිසා එවැනි විශ්ලේෂණයකදී වාහන ගෙන්වීමට අපි තාම ශක්තිමත් මදි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
1
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22