AFC Banner
AFC Banner
Empty Ad

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී බස්නාහිරට තිබූ ගැටළුවක් ඉවත්කරන්න උපදෙස්

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී බස්නාහිර පළාත ද අනෙකුත් පළාත් සමඟ සම්බන්ධ කිරීමට අමාත්‍ය විජිත හේරත් උපදෙස් ලබාදී තිබෙනවා.

වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ දී පළාත් අන්තර් සබඳතාවයක් නොමැති වීම හේතුවෙන් මහජනතාව මුහුණ දෙන ගැටළුවට විසඳුක් ලෙස මෙම පියවර ගෙන ඇති බව සදහන්.

බස්නාහිර පළාත තුළ පදිංචිකරුවකුගේ වාහනයක් වෙනත් පළාතක ලියාපදිංචි වී ඇති අවස්ථාවක එම පළාතෙන් ආදායම් බලපත්‍රය ලබාගැනීමේ පවතින අපහසුතාව පිළිබඳව ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ, අනුව බස්නාහිර පළාත ද කඩිනමින් අනෙකුත් පළාත් හා සම්බන්ධ කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?