වාහන අංක තහඩු මුද්‍රණ කොන්ත්‍රාත්තුව නව සමාගමකට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීම සඳහා ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබෙනවා.

ඒ, සඳහා ලංසු 04ක් ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වුණේ.

අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ලබා දී ඇති නිර්දේශ මත පදනම්ව වසර 05ක කාල සීමාවක් සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාහන අංක තහඩු මුද්‍රණය කර සැපයීමේ ප්‍රසම්පාදනය M/s South Asian Technologies (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
5
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?