AFC Banner
Empty Ad
Empty Ad

වාහනවලින් පාරට එන අයට විශේෂ දැනුම්දීමක්

මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට අද (23) එක්වෙමින් ඔහු මේ පිළිබඳව පැවසීය.

කිහිපදෙනෙකු එක වාහනයක ගමන් කරන අවස්ථාවේ දී මුව ආවරණ පැළඳ සිටීම අත්‍යාවශ්‍ය බව ඔහු සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහාතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ ස්ථාන රැසකදී එම දැනුවත් කිරීමේ වැඩසටහන අද ක්‍රියාත්මක කෙරුණි.

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා ජනතාව දැනුවත් කිරීමට අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා පොලීසිය නැවත ආරම්භ කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?