AFC Banner
Empty Ad
Empty Ad

වාහනයේ තනියම යාමටත් තහනමක් ? දයාසිරි ගෙන් අලුත් යෝජනාවක්

රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ඉන්ධන ගෙන්වීම ගැටළුකාරී තත්ත්වයක පැවතීම නිසා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර අලුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, කුරුණෑගල අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එහිදී ඔහු කියා සිටියේ මාර්ගයක ගමන් කරන වාහනයක අවම තරමින් තිදෙනෙකු හෝ ගමන් කළ යුතු බවට තමන් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

 “මොකටද වාහන ගෙන්වන්නේ..? කොහේ දුවන්නද? ලංකාවේ පාරට වාහනයක් දානවා නම් අනිවාර්යෙන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් ඒ වාහනේ සිටිය යුතුයි කියලා නීතියක් ගෙන්න ඕන. මොකද හේතුව තනි වාහනයක එක පුද්ගලයෙක් නැගලා යන වාතාවරණයක් තියෙන්නේ. මෙයින් විශාල ඉන්ධන ප්‍රමාණයක් පිච්චෙනවා. මේ වෙලාවේ අපි සියලු දෙනා කල්පනා කළ යුත්තේ වාහන ගෙන්වන එක නෙමෙයි තියෙන වාහනත් පාවිච්චි කරන්න පාරට දාන්න කලින් දෙපාරක් අපි කල්පනා කළ යුතුයි. හැම මාසෙකම ඩොලර් මිලියන 500ක් යනවා වාහන වලට අවශ්‍ය කරන තෙල් ටික ගෙන්න ලංකාවට. ඒ ඩොලර් මිලියන 500 හොයා ගන්න බැරුව ලෝකේ රටවල් වලට ණයකාරයෝ බවට පත්වෙලා තියෙන්නේ. ඉදිරියේදී මිට වඩා දරුණු තත්ත්වයකට අපි පත්වෙයි. අනාගතයේදී මට හිතෙන්නේ නෑ කිරිපිටි ටිකවත් ගෙන්න වාතාවරණයක් එයි කියලා” රාජ්‍ය අමාත්‍ය දයාසීරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?