මේ දිනවල අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ වාරිමාර්ග ජලාශවල සමස්ත ජල ධාරිතාව සියයට 75 ක් දක්වා ඉහළගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ජලාශ 40ක් වාන් මට්ටමට පැමිණ ඇති බවයි
සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 44 ක් ලෙසත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුලු ඔය ජල ධාරිතාව සියයට 50 ක් ලෙසත් අවම මට්ටමක පවතින අතර මහවැලි අධිකාරියෙන් පාලනය වන ජලාශවල ජල ධාරිතාවද සැලකිය යුතු ලෙස ඉහළගොස් තිබෙනවා.
එම ජල ධාරිතාව දැක්වෙන්නේ සියයට 85 ක් ලෙසයි. එම අධිකාරිය යටතේ පාලනය වන ජලාශ 4ක් මේ වනවිට වාන් මට්ටමට පැමිණ තිබෙනවා
ඒ අනුව ජල විදුලි උත්පාපාදනය සහ පානීය කටයුතු සඳහා අවශ්‍ය ජලය සපයා ගැනීම බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකළ හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.




