වාර්ෂික බෝරා සම්මේලනයට රජයේ උපරිම සහාය – සාගලගෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම උපදෙස් ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල මහතා විසින් ලබාදෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී බවයි.

පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමී ව ජූලි මස 7 වනදා සිට 16 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් 15,000ක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳ ව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන පිරිස මෙන්ම, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39
Video thumbnail
QR ගැටලුවලට බිමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්..මෙහෙම අලුත් QR එකක් ගන්න පුළුවන්
07:49
Video thumbnail
තලවතුගොඩ, බත්තරමුල්ල ප්‍රදේශවල මහ රෑත් දිගු ඉන්ධන පෝළිම්
00:42