වාර්ෂික බෝරා සම්මේලනයට රජයේ උපරිම සහාය – සාගලගෙන් උපදෙස්

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ වාර්ෂික සම්මේලනය සාර්ථක කර ගැනීමට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ; මෙම උපදෙස් ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල මහතා විසින් ලබාදෙනු ලැබුවේ වාර්ෂික බෝරා සම්මේලනය පිළිබඳ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී බවයි.

පාකිස්තානයේ කරච්චි නගරයේ මෙවර පැවැත්වීමට නියමිත බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුවට සමගාමී ව ජූලි මස 7 වනදා සිට 16 වනදා දක්වා බම්බලපිටිය බෝරා දේවස්ථානය සහ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම බෝරා සම්මේලනය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙම සම්මේලනය සඳහා ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් බෝරා ප්‍රජාවේ සාමාජිකයන් 15,000ක් පමණ මෙරටට පැමිණීමට නියමිත බැවින් ඔවුන් වෙනුවෙන් ගුවන් තොටුපොළ පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම් සැපයීම පිළිබඳ ව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන පිරිස මෙන්ම, ශ්‍රී ලංකා රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, කොළඹ මහනගර සභාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, ශ්‍රී ලංකා පොලීසිය, මුස්ලිම් ආගමික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රේඛීය ආයතන රැසක් නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Kasthirama | “ගමන හිතකර ද ? - කස්තිරම විශේෂ වැඩසටහන
00:00
Video thumbnail
ආණ්ඩුවක් ලබාගත්තාම කරන වැඩේ දිලිත් කියයි
02:14
Video thumbnail
මුන් පුන්නක්කු ගොඩ කරගෙන මෙතනට ආවා
02:18
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31


?