AFC Banner
Empty Ad
Empty Ad

වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ නිරුවත් මළසිරුරක්

වාද්දුව, පොහද්දරමුල්ල වෙරළේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසනවා.

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හදුනාගෙන නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

එම පුද්ගලයා වයස අවුරුදු 60 – 65 අතර විය හැකි බව සඳහන්.

ශරීරයේ සුළු සිරීම් තුවාලද දැකගත හැකි වී තිබූ බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

මියගිය පුද්ගලයා සරමක් ඇද ඊට උඩින් බද බටිය පැළද සිටින්නට ඇති බවත්, රළ පහරට හසුව සරම ගැලවී යන්නට ඇති බවටත් සැක පලවන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?