වාණිජ බැංකුවලින් ණය ලබාගෙන ඇති අයට විශේෂ පණිවුඩයක්

වාණිජ බැංකුවලින් ණය ලබාගෙන ඇති එම ණය වාරික ආපසු ගෙවීමට අපහසු පුද්ගලයින්ට සඳහා සහන සැලසීමේ වැඩ පිළිවෙලක් සකස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබාදී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ණයගැතියන් ඉල්ලුම්කරන ආකාරයට එම ණය ගෙවීමේ පහසුකම් සැළසීම කෙරෙහි ද අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර වාණිජ බැංකුවලින් ණය ලබාගෙන ඇති එම ණය ආපසු ගෙවීමට අපහසු පුද්ගලයින්ගේ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙනම ඒකකයක් ද පිහිටුවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?