AFC Banner
AFC Banner
Empty Ad

ව්‍යාපාරිකයෙකු බිය වැද්දවීමට නිවසට වෙඩි

මීගොඩ – බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

අද (31) අලුයම මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත් වෙඩික්කරුවන් වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අදාළ නිවසට වෙඩි ප්‍රහාර දෙකක් තබා ඇති බවත් තවත් උණ්ඩයක් එම නිවස අසල වැටී ඇති බවත් වාර්තා වනවා.

කෙසේවෙතත් මෙම වෙඩි තැබීමෙන් පුද්ගල හානි සිදුව නැහැ.

අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා මෙලෙස නිවසට වෙඩි තබා ඇති බවට සැක කරන බව ද පොලිසිය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?