ව්‍යාපාරිකයෙකුගේ නිවසෙන් කෝටි ගණනක අත් ඔරලෝසු සහ විදෙස් මුදල් සොරාගත් මෙහෙකාරිය රිමාන්ඩ්

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ එහි තිබූ රුපියල් එක්කෝටි තිස් හතර ලක්ෂ පනස් දහක් වටිනා අත්ඔරලෝසු දෙකක් සහ ස්ටර්ලින් පවුම් 500ක් සොරා ගෙන පලා ගොස් සිටියදී කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකාර තරුණියක් මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) නියෝග කළා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන 23 හැවිරිදි සිවසන්දරම් සිවරංජනී නමැති සැකකාර තරුණියක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වමින් කුරුඳුවත්ත පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර තරුණිය එම නිවසේ සේවය සඳහා පැමිණ මාස 4කට පසු ඉකුත් අප්‍රේල් මස 9 වන දින නිවාඩු ගොස් ඇති බවයි.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ විදෙස්ගතව සිටින දරුවන් දෙදෙනෙකු එම කාලය තුළ පැමිණිලිකරුගේ නිවස වෙත පැමිණ ඉකුත් 20 දින නැවත විදෙස් ගතවීමට සූදානම්ව ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අවස්ථාවේදී පැමිණිලිකාර පියා සිය දරුවන්ට පරිත්‍යාග කිරීම සඳහා නිවස වෙත ගෙනවිත් තිබු ඉහත කී වටිනාකමෙන් යුත් අත් ඔරලෝසු දෙක එම දරුවන් දෙදෙනාට ලබාදීම සඳහා සොයන අවස්ථාවේ දී එය අස්ථානගත වී ඇති බවට දැනගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳව කුරුඳුවත්ත පොලිසිය වෙත පැමිණිල්ලක් කළ බව ද පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.

මාස හතරකට පෙර තම නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණි තරුණිය නිවාඩු ගොස් නැවත සේවයට නොපැමිණි බවට හා ඇය දුරකථනයට ප්‍රතිචාර නොදක්වන බවට පැමිණිලිකරු කර තිබූ ප්‍රකාශය ඔස්සේ සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව සැකකාර තරුණිය අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට පැවසුවා.

අස්ථානගත වූ අත් ඔරලෝසු හා මුදල් සැකකාර කාන්තාව සොරාගෙන ගොස් ඇති බවට විමර්ශනවල දී තොරතුරු අනාවරණය වන බැවින් ඇයව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

පොලිසිය අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාර කාන්තාව එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළ ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53