AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාජ ලේඛණ සකසා ළමුන් පාසලට දැමූ ග්‍රාම නිලධාරි අත්අඩංගුවට

ව්‍යාජ ලේඛණ සකස් කර කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතර මැදි පන්තිවලට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙයියන්නේවෙල වසමේ ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු ශාන්ත අන්තෝනි බාලිකාවේ පාසල් සංවර්ධන සමිතියේ ලේකම් ලෙසද කටයුතු කළ අයෙක් බවටයි පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ.

මෙම ග්‍රාම නිලධාරිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරමින් සිටිය දී සැකකරු නීතීඥයෙකු මාර්ගයෙන් පොලිසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බාලිකා විදුහලේ අතර මැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා කූඨ ලේඛණ සකස් කිරීම සහ එම වරදට ආධාර අනුබල දීම යන චෝදනා සැකකරුට එල්ල වී ඇති බව සඳහන්.

පදිංචි සහතික ලබාදීම සඳහා ග්‍රාම නිලධාරිවරයා වෙත නිකුත් කර තිබූ පොතකින් කොලයක් ඔහු විසින් සෙංකඩගල ග්‍රාම නිලධාරිවරයා වෙත ලබා දී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය කූඨ ලේඛණ සකස් කර ළමුන් ඇතුළත් කිරීමේ සිද්ධියට මොහුගේ සම්බන්ධයක් ඇති බවටයි අනාවරණය කරගෙන ඇත්තේ.

සැකකාර ග්‍රාම නිලධාරිවරයා වසර පහක කාලයකට විදේශ ගතවීම සඳහා වැටුප් රහිත නිවාඩු ඉල්ලා ගඟවට කෝරළය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබී ඇති අතර මේ සම්බන්ධ කරුණු අනාවරණය වීමෙන් පසු පොලිසිය මහනුවර අතිරේක මහේස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කර ඔහුට විදේශ ගත වීමට නොහැකි වන සේ තහනම් නියෝගයක් ද ලබා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා තම ලිපි ශීර්ෂ, නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ශාන්ත අන්තෝනි බාලිකාවේ අතරමැදි පන්තිවලට සිසුවියන් 18 දෙනෙකු ඇතුළත් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වන හේමන්ත ප්‍රේමතිලක මහතා මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශයට කළ පැමිණිල්ලකින් පසු විමර්ශන ආරම්භ වී තිබුණා.

මීට අමතරව වසර 2018-2021 අතර කාලයේදී ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ 02,03,04,07,08 හා 09 ශ්‍රේණිවලට තවත් ළමුන් 180 දෙනෙකු නියමිත ක්‍රමවේදයට පටහැනිව ඇතුළත් කරගෙන තිබෙන බව විගණන අංශ මගින් අනාවරණය කිරීමත් සමඟ මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මූලිකත්වයෙන් විශේෂ විමර්ශනයක් සිදුකර අදාළ වාර්තාව පළාත් අධ්‍යාපන ලේකම්වරයා වෙත යොමු කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?